මුදු මොලොක් උරහිස මත
නාඳුනන කෙටි කෙස්ගසක්.....
රෝසපැහැ ගවොමේ කුඩා මල් පෙත්තක
ඉහිරුණු කෝපි බින්දුවක්...
ලා රක්ත දෙතොලේ යන්තමින් තැවරුණ
මිලින වී ගිය සිනහවක්...
තරු එළිය සැගවුණු මීන දෑසක
නුහුරු බැල්මක්.....
හදුනගමි සළකුණු
නො අසමි ඔබෙන්...
කවුරුන්ද ඔබ මට?
යාළුවෙක්....
යාළුවෙක්?
හඳුනමි එහෙත් නොකියමි
නොදැක්කා සේ ඉඳිමි
ඒතරම් කුඩා දේ පෙනෙනා
හෝම්ස්මය දෑස් යුගලක
උරුමකරුවෙකු වීම පිළිබඳ
මටම දොස් පවරගමි..
Image - Sherlock

මටම දොස් පවරගමි
ReplyDeleteඒ තරම් පරාර්තය
පරාර්ථයද නොදනිමි
Deleteපලක්නැති බැවිනි.......
++++++++++++
ReplyDeleteස්තූතියි!
Delete