Wednesday, March 6, 2019

මුහුද එක්ක කබඩි සෙල්ලම - Dear Zindagi


ජීවිතේ කියන්නෙ මුහුද එක්ක කරන කබඩි සෙල්ලමක් වගෙයි....  

ඔයා ඉන්නෙ වෙරළෙ.. රැළි මතුවෙනවා. වෙරළෙ සුදුපාට පෙණකැටි විහිදුවල.. ඔයාගෙ දෙපා මුල දැවටිල.  ඒ රළ ආයෙ මුහුදට යනව...  ඊට පස්සෙ වෙන රළක්... ඒත් ඔයා එතන.. මතුවෙලා මැකිල ගිය දිය රැළක් ගැන දුක් වෙමින්... 

ඒත් ඒක තමයි මුහුදෙ රිද්මය.. ඔය කිසිම රළක් ඔයා ලඟ සදහටම.. සදහටම.. නතර කරල තියන්න බෑ....    ( ටිකක් හිතන්න එහෙම වුණොත් මූද කොයි තරම් ඒකාකාරීද)  ඒ වෙනස, විවිධත්වය එක්ක තමයි මුහුදේ සුන්දරත්වය ඔයා විඳින්නෙ..  ජීවිතෙත් එහෙමයි... නිතර නිතර වෙනස් වෙන ජීවිතේ රැලි දිහා බොහෝම ආදරණීයව බලන්න ඔයා පුරුදු වේවි... අන්න ඒ රිද්මය අල්ල ගන්න.. මුහුද එක්ක කබඩි සෙල්ලම් කිරීමේ රිද්මය....

 තව දුරටත් කණස්සලු බැල්මකින් ඒ දිහා බලබල කාලය නාස්ති කරන්නෙ ඇයි කියා ඔයාට හිතේවි... ඉතින් ආදරණීය ජීවිතය.. කියල හැම දෙයක්ම දිහා අලුත් ඇහැකින් බලන්න ඔයාට පුලුවන් වේවි..

Dear Zindagi මට දැනෙන්නෙ එහෙම.. 






2 comments: