Thursday, January 2, 2020

ශාඛ ලෝකයේ "ගිනි මකරා"

මෙහෙම පුංචියට හිටියට මෙයා ලේසි පහසු කෙනෙක් නෙමේ. මේ තමා ලෝකෙ සැර අධිකම මිරිස් වර්ගය විදිහට සැලකෙන Dragon's Breath මිරිස් වර්ගය. ආහාර වල සැර ප්‍රමාණය මැනීමට යොදාගන්නෙ Scoville units නම් ඒකකය අනුව Bell Pepper කරලක සැර ප්‍රමාණය Scoville Units 0 යි. සාමාන්‍ය රතු මිරිස් කරලක් Scoville unit 100 ක් පමණ වෙනව. Dragon's Breath මිරිස් කරලක් Scoville units මිලියන 2.48 ක් සැරයි!! කෙනෙකුට වැරදිල හරි මේ මිරිස් කරලක් කැවුනොත් වෙන්නෙ ස්වසන පද්ධතිය පිච්චිලා ගිහින් ඒ පුද්ගලය මියයෑම! Dragon's Breath මිරිස් වර්ගය නිපදවන්නෙ Mike Smith නම් එංගලන්ත ජාතිකයෙක්. මෙය හුදෙක් විනෝදයට කල දෙයක් මිස මිනිස් ආහාරය සඳහා කල නිපැයුමක් නොවෙන බවයි ඔහු කියන්නෙ. කොහොමත් Dragon's Breath මිරිස් ක‍රලක් ආහාරයට ගන්න කෙනෙක් ඒ ජීවිතයට ගන්න අවසාන කෑම වෙන බව කියන්න ඕන නෑ.





Mike Smith 


6 comments:

  1. හෑ...
    පෙනුමෙන් නම් ඔය වගේම කොච්චි ලංකාවේ නම් පාවිච්චි කරනවා පොල් සම්බෝල, කරෝල බැදුම් වගේ ඒවාට. මේ ඒක වෙන්න බැහැ නේද?

    බොහොම සිත්ගන්නාසුලුයි

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ.. මේ ඒව නෙමේ.. මේත මිනිස්සු හැදුව වර්ගයක්.. මේව කැවුණොත් පණපිටින් ඉන්න බැරි තරම්...මේ කියල තියෙන්නෙ ඒකනෙ.. මං කල්පනා කරේ කාව හරි මරන්නත් මේව පාවිච්චි කරන්න ඉඩ තියනව නේද කියල...

      Delete
  2. Replies
    1. නිකං මිරිස් කරලක් හැපුණත් කටෙන් ගින්දර දාන තරම් සැර නං මේකක් කැවුණොත් කොහොම තියෙයිද!

      Delete
  3. Dragon's Breath is not the hottest, but the second. According to Wikipedia, Pepper X is the hottest chili pepper with 3.18 Mil Scoville units.

    ReplyDelete
    Replies
    1. Scoville units for Pepper X isnt confirmed According to Wikipedia..and its mostly unrevealed yet...so its officially Dragon's Breath on the top

      Delete