Monday, January 20, 2020

වමෙන් රිය පදවන්නේ ඇයි?

පාරක වාහනයක් පදවාගෙන යනව නම් එක්කො වම් පැත්තෙන් නැත්නම් දකුණු පැත්තෙන් පදවාගෙන යා යුතුයි. ලෝකෙ අතිශය බහුතරයක් රටවල (ලෝක ජනගහනයෙන් 65%ක් පමණ) භාවිතා වෙන්නෙ දකුණු පැත්තේ නීතිය. ඒ කියන්නෙ පාරෙ වාහන පැදවිය යුත්තෙ දකුණෙන්. නමුත් අපේ රටේ භාවිතවෙන්නෙ වම් පැත්තෙන් රිය පදවන නීතිය. මේ වම් පැත්තෙ නීතිය භාවිතයට එන්නෙ කොහොමද ?. 

17 වෙනි ශතවර්ෂය පමණ කාලයෙ බ්‍රිතාන්‍යයෙ නයිට් වරුන් තමයි මේ ක්‍රමය පටන්ගත්තෙ. නයිට් වරු නිතරම අසුපිටින් ගමන් කරද්දි අසිපත දකුණු අතේ දරාගෙන යාමට අවශ්‍ය වුණා. (ඔවුන් බහුතරය දකුණත හුරු වූවන් නිසා) මේ නිසා අශ්වයෙකු පිට නැගිල පාරක යනවිට දකුණු පැත්තෙන් ඉඩ තබාගෙන පාරේ වම් පැත්තට අයින් වී ගමන් කරන්න ඔවුන් පුරුදු වී හිටිය. වමෙන් ගමන් කරද්දි ඉදිරියට සතුරෙක් මුණගැහුනොත් ප්‍රතිප්‍රහාරයකට වඩා හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබුණ. ඒ වගේ ම දකුණු අතේ අසිපත දරාගෙන වම් පැත්තෙන් අසු පිටින් බැසීම වඩා පහසු වුණා. ඉතින් මේ සිරිත අනුව කාලයාගෙ ඇවෑමෙන් මෝටර් රථ භාවිතයට පැමිණීමත් එක්ක වම් පැත්තෙන් රිය පැදවීම බ්‍රිතාන්‍යයේ සම්මත ක්‍රමය වුණා. බ්‍රිතාන්‍යයෙ යටත් විජිත බවට පත්ව තිබූ රටවල් මේ ක්‍රමය අනුගමනය කරන්න ගත්ත. ඉතින් අද උතුරු සහ දකුණු ඇමරිකානු රටවල්, අප්‍රිකානු මහද්වීපයෙන් අඩකටත් වැඩි කොටසක් සහ එංගලන්තය හැර මුලු යුරෝපයම වගේ රටවල ජනයා දකුණෙන් රිය පදවගෙන යද්දි ඉන්දියාව, ගිණිකොණ දිග ආසියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ලංකාවේ අපි අසිපතක් අතේ නැතත් වම් පැත්තෙන්ම රිය පදවගෙන යනව.





එංගලන්ත නයිට් වරයෙකුගේ අනුරුවක්.




වමෙන් රිය පදවන රටවල් සහ දකුණෙන් රිය පදවන රටවල්
තැඹිලි පාට - වමෙන්
කොළ පාට - දකුණෙන්


7 comments:

  1. දකුණු අත හුරු නිසා අපිට නං මේ ක්‍රමේ හරිම හොදයි.

    රංග තේනුවර

    ReplyDelete
    Replies
    1. ඔව් නමුත් ලෝකයේ බොහොමයක් රටවල භාවිත වෙන්නෙ දකුණෙන් රිය පදවන ක්‍රමය..

      Delete
  2. මොකක් උනත් හුරු උනහම ඒක හොඳයි කියලා තමයි හිතෙන්නේ.

    ReplyDelete
  3. ela

    blog kiyawanna me patha avilla yanna https://sithuvili.info/

    ReplyDelete