මතකද ඔබට
ඒ අවසාන සැන්දෑව
ඔබ මා මුණගැසුණ..
සුළඟක් සේ
සෙමින්
යන්නම් කියා ඔබ
නික්මී ගියා
ඈතට ඈතට..
බලා සිටියා පමණි මම
පිළිරුවක් සේ
ගල් ගැසී එතැනම
කඳුළැලි බිඳක්
හැලුනේ නැත
කිසි දුකක් මට
දැනුනේ නැත..
මේ අද
වසරකුත් සිව් මසක් ගිය තැන
පියමනිමින් සිටියදි
එක්තරා පාලු මාවතක
බිඳ වැටුණි
දෑස අග වාන් දොරටුව..
ඇද හැලුණි
කඳුළු කැට වරුසාව..
මොහොතක් නතරවී මග
සිතුසේ තෙමුණෙමි
මම
අවසන
කෑ ගසා සුළඟට
මුදා හැරියෙමි රහසෙම
ඒ සුසුම
වසරකුත් සිව් මසක්
touching
ReplyDeleteMy Pleasure :)
Deleteහැමදාම වගේම අපූරුයි
ReplyDeleteඅගය කිරීම ගැන හැමදාම වගේ බොහෝම ස්තූතියි :)
Deleteම්ම්ම්ම්.. සුසුම හරි බරට දැනෙනවා.....
ReplyDeleteපිට නොවී ඇතූලාන්තයේම හිරවී ඉන්න කම්? :/ :/
Delete