Thursday, January 6, 2022

සුහදිනි..

සුහදිනි..
මේ සීඝ්‍රගාමී දුම්රියේ
යාබදව අසුනේ හිඳ
කවුළුවෙන් හිස
යොමුකරන් ඈතට
ඔබ සිතන්නේ මොනවද?

ඉතා කෙටි වුවද
මේ ගමන නැවතුම
තව බොහෝ දුර විනැයි
තනිව සිතමින්ද ?

අතැඟිලිවලින්  
විටින් විට
දුරකතනේ ඩිජිටල් තිරේ 
පීරමින් ඔය තරමට
සොයන්නේ මොනවද?

සුළඟත් සමඟ හාදව
තියුණු කෙහෙරැළි තුඩින්
පහර දී මේ තරමට
පාරවන්නේ උරහිස
මා කලේ කවර නම් වරද ද?



No comments:

Post a Comment