Sunday, January 16, 2022

ඉඩ දෙන්න මට.....

ඇත්තටම...
කොයිතරම් රහස් එක්කද 
ගතවෙන්නෙ මේ ජීවිතේ..
තේරුම් ගන්න බැරි තරම් පුදුමාකාර...

කොහොමද තෘණ පත්‍ර
රස වෙන්නෙ පොඩි බැටළු පැටවුන්ට...
අපි හීන දැක්කත් නිතරම
නැගී හිටින්න ඉහළට
ඇයි මේ ගංගා ඇළ දොළ
ගලා යන්නෙම පහළට?
ඇයි මේ ගල් පර්වත
ඉන්නේ නොහෙල්ලීම?

අත් එකින් එක 
පටලැවෙන අතරේ හෙමිහිට
හිත් දෙකක් බැඳෙන්නේ කොහොමද?
රිදුම් දුන්නත් කැළැල් හද තුළ
කවි පදයකින් දෙකකින්
සැනහෙන්න පුලුවන් ද කෙනෙකුට?

ඉඩ දෙන්න මට
ඉඩ දෙන්න යන්න ඈතට 
හැමකෙනෙකුගෙන්ම..
පිළිතුරු දන්න බව සිතනා
මේ පැනවලට...
ඉඩ දෙන්න මට
"අර බලන්නැයි" කියනා
පුදුමෙන් සිනහ නඟනා
කෙනෙකු දෙන්නෙකු ඇසුරේ රැඳෙන්නට...
.
.
.

- ඇමරිකානු කිවිදියක වන Mary Oliver ගේ Mysteries, yes පැදිය ඇසුරෙන්



No comments:

Post a Comment