Wednesday, January 19, 2022

දරුවනි ඔබ, දිවිගෙවා නැත තවම..

දරුවනි ඔබ,
දිවිගෙවා නැත තවම,
ජීවිතය නම් ඔබට තවමත්
පාට තැවරුණු සිහිනයකි..
නොසැලකිලිමත් විනෝදෙන් පිරි
සතුටුබර සැණකෙළියකි...
ඇතුළු ගැඹුරේ ඔබේ හදවත්
එළිය දෙන මුතු මැණික් පතුලේ
නිවී දැල්වෙන පහන් දැල්ලකි...

දරුවනි ඔබ,
දිවිගෙවා නැත තවම,
පැවතුණා පමණි ඔබ
ඔහේ ගලනා කාලය තුළ..
අවදිවෙන තුරු එහිම කෙළවර
අයදිමින් ආදරය බිඳුවක්..
සොයා දුවමින් මේ අරුම ලොව
රුහිරු ගලනා කැළැල් අතරින්
බිම වැටී යළි නැගී සිටිමින්...

මුණගැසෙන තුරු දිනෙක ඔබ හට
මඟ බලා උන් රිදුම් දිවියේ...
සිටින තුරු ඔබ දරා උසුලා
බිඳී විසිරුණු සිහින ඔබගේ...
කැළැල් මතු වී රිදුම් දෙන තුරු
අනවරත ජීවිතේ සටනේ...
දරුව ඔබ හට
කියන්නට නොහැක කිසි කළ
සැබවින්ම දිවිගෙවා ඇති බව...
.
.
.

"සරෝජිනී නායිදු" කිවිඳිය ගේ Life නම් පැදිය ඇසුරෙන්



No comments:

Post a Comment