Monday, January 31, 2022

Pushpa : The Rise : 1 (2021)

2021 කියන්නෙ තෙළිඟු සිනමාවට හොඳ අවුරුදදක්. Shyam Singha Roy, Pushpa වගේ Production පැත්ත අතින් වගේම ප්‍රතිචාර අතිනුත් දැවැන්ත මට්ටමේ චිත්‍රපටි තෙළිඟු භාෂාවෙන් මේ අවුරුද්දේ එළියට ආව. Pushpa ගැන කියන්න තියෙන්නෙත් මදි නොකියන්න පැය තුනකට කිට්ටුවෙන්න කාලයක් පුරා හොඳට Entertain කරන්න පුලුවන් Typical Indian Masala ගණෙයෙ චිත්‍රපටයක් බව. නමුත් ආයෙ ආයෙම කියන්න සිද්දවෙනව මේ කාරණේ. දකුණු ඉන්දියාව දැන් හැම අතින්ම බොලිවුඩ් පහුකරන් ගව්ගාණක් ඉදිරියෙන් ඉන්න බව. 

ප්‍රධාන චරිතෙ කරන අල්ලු අර්ජුන් ඉන්න film එකක්වත් කලින් බලල නෑ. මෙතන නම් චිත්‍රපටය විසින් ඉල්ලන දේ දීල තිබුණ බවක් දැක්කෙ. ඒ කියන්නෙ සමාජෙ නිතරම බලවතුන් අතින් තැලෙන පොඩිවෙන පීඩිත පන්තියෙ ඉඳන් මතුවෙන පුෂ්පා නම් දඩබ්බර, හිතුවක්කාර චරිතෙ නියම විදිහ ඉදිරිපත් කර තිබුණා කියන දෙය. ෆහාඩ් ෆාසිල් ගැන අමුතුවෙන් කියන්නෙ නෑ. මිනීමරු ඇස් දෙකෙන්, බලන මිනිහෙකුගෙ ඇඟ සීතල වෙලා යන බයංකාර හිනාවෙන් ෆාෆා චිත්‍රපටය අන්තිම විනාඩි කීපය තමන්ගේ කර ගන්නව. නමුත් මේ පුෂ්පා ගේ කතාව. වීරයා කොයි මොහොතක හරි ප්‍රතිවීරයා යටපත් කරගෙන ඉහළට මතුවෙනවාම තමයි. හැබැයි මේ කලු සුදු චරිත දෙක මුණ ගැස්වීමෙන්ම චිත්‍රපටයෙ ත්‍රිල් එක උපරිම තැනට ගේනව (සුදු කියන්නෙමේකෙ වීරයා "හොඳ" චරිතයක් කියන අදහසෙන් නෙමේ). උපරිම තැනට ඇවිල්ල Pushpa : The Rise එහෙම නැත්නම් මේ කතාවෙ පළමු කොටස ඉවර වෙනව. දෙවනි කොටස Pushpa  : The Rule තමා ඊළඟට එන්න නියමිත. ඊලඟ කොටස වඩා රසවත් විය හැකි බවක් තමා ඒ අවසානය අනුව නම් පේන්න තියෙන්නෙ.



No comments:

Post a Comment