දහවලෙහි මා මගේ ප්‍රේමය,
සවිමත්ය සුරැකිය බොහෝසේ,
එබැවින් මට අවැසි නැත ඔබ...
උමතු සිතුවිලි තුළ මගේ
සැරිසරමි මම මේලොවේ
සිතු ලෙස වළකාලමින් සුළඟ...
ප්‍රීති ගීයෙහි මාගේ
සිටිනු මැන සිරගතව..
ප්‍රේමය මට ඔබ අවැසි නැත...
පිරී සිටිනෙමි මෙවැනි දේ තුළ..
බොහෝ දුරසිට ඔබ
සිටිනු මැන ගොළු කර හදවත..
එනමුදු රැයේ මැදියමේ
මුළු ලොව ගිලී යනවිට පාළුවේ
නිහඬතාවේ ගැඹුරු නින්දේ
තාරකා වැතිරෙන විට කඳු මත්තේ
ප්‍රේමය, මගේ හදවත
අයදියි ඔබේ කටහඬ...
ප්‍රේමය එවිට,
ඉඩදෙනු මැනවි ඔබෙ හදට
පිළිගන්න මා හදෙහි ඇමතුම...
ගීයක් සේ මිහිරිව..
ගැයෙන්නට ඔබට
මා තුළ..
.
.
.
- Sarojini Naidu කිවිඳිය ගේ A poets love song නම් පැදිය ඇසුරෙන්
No comments:
Post a Comment