Monday, January 31, 2022

Shym Sinha Roy (2021)

හරියටම 90 දශකයෙ හින්දි චිත්‍රපටයක් බලනව වගේ vibe එකක් මට නම් Shyam Sinha Roy බලනකොට දැනුනෙ. නානි වෙනුවට ශාරුක් හෝ සල්මාන්, සායි පල්ලවී වෙනුවට මධුරි, ක්‍රීති ෂෙට්ටි වෙනුවට ජුහී වගේ හිටිය නම් හොඳ combination එකක් වෙන්න තිබ්බ. ඒත් බොලිවුඩ් කියන්නෙ දැන් රීමේක් සහ යහ බයෝපික් වුඩ් එකක් බවට පත් වෙලා තියන හින්ද මේවගේ Mass Scale Romantic Drama ඒ පැත්තේ හැදෙන්නෙම නැති තරම්. ඉන්දියානු සිනමා ආධිපත්‍යය දැන් තියෙන්නෙ උතුරේ නෙමෙයි දකුණේ. දෙමළ, මලයාලම්, කන්නඩ, තෙළිඟු ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්න බව කියන්න ඕන. තෙළිඟු භාෂාවෙන් නිර්මාණය වෙන Shyam Sinha Roy කියන්නෙ එහෙම ලොකු වැඩක්. කලින් කිව්ව වගේ 90 ගණන්වල අපි දැකපු බොලිවුඩ් මසාලා රසටම හදපු අලුත් ඉන්දියානු රසමසවුළක්. අසාධාරණේ දැකපු තැන නැගීසිටින සුපිරි වීරයෝ, ඉටි රූප වගේ ලස්සන, නැටුම් ගැයුම් වලින් අගතැන්පත් නාටිකාංගනාවො, අධර්මිෂ්ඨකම ඉහවහා ගිය දුෂ්ටයො, මරණින් පස්සෙත් ආයෙ හොයාගෙන එන පරම පිවිතුරු සංසාරික පෙම්වත්තු, ඇඟ කිළිපොලා යන සටන් මේව තමා මේ මසාලාවෙ රසකාරක. Shyam Sinha ත් රහ අඩු නොකර විඳගන්න සලස්වන හොඳ Entertaining වැඩක්. මුල ඉඳන් අගටම කිසි කම්මැලි කමක් නැතිව බලා ඉන්න පුලුවන්. විශේෂම දේ ඉතින් සායි පල්ලවී බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. සායි පල්ලවී හැරුණත් ඇති තියනව අමුතුම ලස්සනක්. සායි ගේ නර්තන හැකියාවෙන් හොඳ වැඩක් අරගෙන තියන බව කියන්න ඕන. ඇත්තටම සායි ව ලස්සනටම දැකපු තැනක් මේ චිත්‍රපටය. සෑහෙන දෙනෙක් දැනටමත් මේක බලල තියන බව තමා දැක්කෙ. කෙනෙකුට අනුව නම් මේක මෑත යුගයේ බිහිවුණු මහා ප්‍රේම කාව්‍යක් බව කියන්න පුලුවන්. Visualy නම් මේ වැඩේ අනිවාර්යයෙන් ලස්සනයි. ඒ ගැන කියන්න දෙයක් නෑ. ඒත් ලොකූ තේරුම් හිතන්න නැති සරලව enjoy කරන්න පුලුවන් හොඳ රසවින්දනාත්මක චිත්‍රපටයක් මේක මට නම්.



No comments:

Post a Comment