Tuesday, October 3, 2017

කන්දක් නම් සුන්දර නොහෙල්ලී ඉන්න තරමටය.....


කන්දක් නම් සුන්දර
නොහෙල්ලී ඉන්න තරමටය

ලතෙත්ව නාය යන දවසට
දුක පාත බිම්වලට ය.

සියුමැලි නිම්න පොළවට
කන්දක දුකක් නුහුරුය

කඳුත් ගල්හිත් ඇතිව
උහුලන් ඉන්නෙ ඒකය..





18 comments:

  1. වචන අමතක උනා මේක කියෝලා...

    නිම්නයක් වෙනුවෙන් මමත් කතාකරන්න සුදානම් උනාට.... කන්දක් තවත් කන්දක් දිහාම බලාගෙන ඉන්න එක සමහර වෙලාවට නිම්න දුකටත් පත්කරනවා. එහෙම වෙලාවට ඔන්න ඔහේ නිම්නෙට කඩාගෙන වැටෙන එක උනත් කමක් නැහැ කියල හිතෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඔහේ ගල් ගැහිල ඉන්නවට වඩා මල් පිපෙන නිම්න භූමියකට කඩා හැලෙන්න කන්ද වුණත් කැමති ඇති. ඒත් ගංගා ඇළ දොළ වට විතරක් ගලා යන්න ඉඩදීල කන්න නොහෙල්ලී ඉන්නෙ නිම්නභූමියේ ගහකොළ මල් ඒ භූ විෂමතාව එහෙම පිටින් විනාස වෙනව නේද කියල හිතල වෙන්නත් බැරි නෑ............

      Delete
    2. ඉතින් එහෙම කඩාගෙන වැටුනහම, නිම්න ආදරෙන් බාරගන්නවා නම්? මොකක් නැති උනත් මොකෝ...? එකම වැරැද්ද වලාකුළු වලට කඳුළු පිහන්න කන්දක් නැතිවෙන එක

      Delete
    3. ඊට පස්සෙ නිම්න වලට සිහිලස දෙන ගංගාවල් ගලන උල්පත් උනන්නේ කොහෙන්ද? දියපාරවල් ඔක්කොම නැවතුනාම එතැන එකම වියළි බිමක් වේවි... වළාකුළකට පුළුවන් බැරිම වුණොත් වහින්න හරි.....

      Delete
    4. වලාකුළු ඒ කන්ද බදාගෙන අඬන හින්දම තමයි ඒ ඔක්කොම ඉන්ද්‍රජාල වෙන්නේ. කන්ද ඉතින් ඒ ගැන කියන්නෙත් නැහැ, නිම්නය ඒ ගැන අහන්නෙත් නැහැ..

      හම්මේ.... ඔන්න ඔන්න මට දැන් කතාවක් පහලවේගන එනවා........ කතාවකට හොඳ වස්තුබිජයක්

      Delete
    5. සමහර විට උල්පත් හැදෙන්නෙ වලාකුළු වල ඒ කදුලුයි කන්ද ඇතුලෙම ගල් ගැහිල තියන පිටට පේන්නෙ නැති කදුලුයි එකතු වෙලා කාලයක් ගතවුණාම වෙන්න බැරිද..? කදු දිහා බලාගෙන කවි ලියන අයට තියන ප්රශ්ණ ඉතින් කදුවත් දන්නෙ නැතුව ඇති

      පලි - කතාව කියවීමේ ආසාවක් ඇති කළා නේද එහෙනම්..ලිව්වට පස්සෙ අපිවත් මතක තිබ්බොත් හොදයි :)

      Delete
    6. මට හිතෙන්නේ කඳු ඇතුලේ තියෙන්නේ පිටට නොපෙන්නන සිහිල් බව කියලා. ඒවා තැනින් තැනින් පැනනගින හින්දා අපිට දැනෙන්නේ නැහැ උල්පතේ කොතරම් සිසිලස තිබ්බද කියලා. අපිට හිතෙන්නෙම පොඩියට පටන්ගන්නවා කියලා විතරයිනේ.

      දැන් මම මෙතනම ලියයි වගේ කතාව.... බෑ බෑ එහෙම ඔට්ටු නැහැ.

      Delete
    7. වලාකුළු ඇවිත් කදුලු හලලා නික්ම ගියාට පස්සෙ කන්දටත් ඒක අමතකයි වගේ පිටින් පෙණුනත් ඇතුලෙන් බොහොම කාලාන්තරයක් තිස්සෙ ඒ කදුලු බින්දු ඒකරාශි වෙනව මම හිතන්නෙ.....මොකක් හරි දරාගන්න බැරිම තැනකින් ඒව දියපාරවල් විදිහට පිටට පනිද්දි කන්ද වුණක් ඒකට ඉඩ දීල තියෙන්නෙ නිදහස් වෙන්න තියන මග ඒක නිසා වෙන්න ඇති...ඒත් පාතක් බිම් බල මිනිස්සු ඒ දියපාරවලින් කොච්චර සැනසෙනවද මම හිතන්නෙ ඒකම ඇති කන්දකට....

      ලියමු ලියමු එහෙනන් ;)

      Delete
  2. කලින් කියවලා තියෙ.. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මුණු පොතේ පළකලා මේක... බොහොම ස්තූතියි!!!

      Delete
    2. ඔන්න ඉතින් මාව තරහ ගස්සනවා...

      ලියන කෙහෙල් පුෂ්පයක් මෙතැන ලියන එකයි!! එක එක පොත්වල ලිවිම නාක ළමයි කරන වැඩය !!!

      Delete
    3. මේ ඔක්කොම කාලයක ඉදන් එතැන ලියව්ච්ච තමා ලිඛිතා....එතැන ඔහේ විසිකර දැම්ම ඒව තමයි අහුල ගෙන පිළිවෙලකට මෙතන ගොඩගහන්නෙ....අලුතෙන් ලියවෙනඒවත් එතට ගිහින් ආයෙ මෙතනට එන විදිහට තමා ලියවෙන්නෙ....ලියැවිල්ලෙ පටන් ගැන්ම එතැන ඉතින් මොන හේතුවකටද මන්ද එතැන ලිවීම නන් නවත්තන්න බෑ....

      Delete
    4. //ලිවීම නන් නවත්තන්න බෑ....//
      මෙතැනදී මට ඔබව වැටහෙනවා... මොකද මටත් ලෙඩේ ලෙසටම ඇති නිසා..


      එතැන විසිකරන්න එපා.. මෙතැන ලියන්න...

      Delete
    5. එතනත් ලියමු මෙතනත් ලියමු...එතැනයි මෙතැනයි දෙතැනම ලියමු.....එතැන ලියන දෙයක් ආයෙ හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙලා යන නිසා තමයි මෙතෙන්ට එන්න තීරණේ කළේ..මෙතැන පිළිවලයි.. ඒ වගේම අතන වගේ කලබලකාරි නෑ...ඒත් අතනින් නම් ගැලවෙන්න බෑ..මොකද ලියන කියවන දේවල් බෙදගෙන්න පිරිසක් එතනත් ඉන්න නිසා....

        //මටත් ලෙඩේ ලෙසටම ඇති නිසා../// ඒක පුදුමාකාර ලෙඩක් නේද? අපි ඇතුලේ අපිවම ආයෙ හොයාගන්න ඒ ලෙඩේ උදව් වෙනව මම හිතන්නෙ...වෙලාවකට නවත්තගන්න බෑ..මොනා කරන්නද ඉතින් ලෙඩක් නේ...

      Delete
    6. ඇත්තම කියන්නද...

      එතැන ලියන්නේ සමහරවිට නොදැනුවත්වම ගැලරියට. එතන කීයෙන් කි දෙනාද ලියන කවියක තේරුමක් ඉස්පාසුවක් ඇතුව කියෝලා උත්තරයක් දාන්නේ? නියමයි, මරු , එළ වගේ වචන නිකන්ම දානවා මිසක් නරක උනත් පෙන්නා දෙන්නේ අඩුවෙන්. එතනයි වෙනස!

      මෙතැන ලියන දෙයක් මට හිතෙන්නේ ආයෝජනය කරනවා වගේ. මොකද්දෝ අමුතු වෙනසක්.. නැද්ද?

      ලෙඩේ තමයි ඉතින් ලෙඩේ....! මට නම් වෙලා තියෙන්නේ හොඳ කරගන්න උවමනාවක් නැති එක. කාලයක් ඈත්වෙලා උන්නා ලිවීමෙන්. එතැන උන්නේ වෙනම කෙනෙක්.. පුදුමයි..!! බලනකොට ලියනකොටත් අපි හැව අරිනවා වගේ වෙනස් වෙනවා වෙන්න ඇති.

      Delete
    7. //නොදැනුවත්වම ගැලරියට// වගේම තේරුමක් ඇතුව දැනෙන්න දෙයක් කරන අය කීපදෙනෙක් මම හදුනගෙන ඉන්නවා.. ඔය රැල්ලට යන කතාව සහමුලින් ඇත්ත..එක්කෙනෙක් ලියන දෙයකට ප්රතිචාර වැඩියෙන් ලැබෙද්දි ඒ අනුකරණයෙන් ලියන්න පෙළඹෙන අය ඉන්නවා...ඒවටත් ඔය වගේ එළ කිරි..නියමයි...මොඩල් එකේ ප්රතිචාර ලැබෙද්දි තමනුන් දැන් හොද නිර්මාණකාරයෙක්ය කියල හිතනව.... කොයිතරම් බරක් තියනවද නිර්මාණකරණය කියන දේ ඇතුලේ...කොයිතරම් හොද කියවීමක් තියෙන්න ඕනද ඒකට....

      ඒ කතාව හරියට හරි ආයෝජනයක් වගේ තමා මොකද ඕනෑම දවසක අපිට ආයෙ ඒ නිර්මාණ කියවා බලන්න පුලුවන් ....බුකියේ වගේ නිවුස් ෆිඩ් එකේ අතුරැදහන් වෙන්නෙ නෑ....

      ඒ නිර්මාණාත්මක හැව ඇරීම සිද්ධ වෙනවා...කාලයක් ඒකෙ නිරතවෙනකොට සහ හොද කියවීමක් ඇත=ව අවබෝධයෙන් ඒ වැඩේ කරද්දි...හොද නිර්මාණ ආශ්රය කරන එක අවශ්‍යයි...කලින් හිටිය නිඒමාණකරැවන්ගෙ...ගොඩක් ඒව හොයාගන්න අමාරුයි..ඒත් සොයා යාම අවශ්‍යයි...තමන් ඇතුලෙම ප්රශ්ණ කරමින් ලෝක දැක්ම තව දියුණු තියුණු කරද්දි තමයි නිර්මාණකරණය ඇතුලෙ තියන ආත්මය වැඩිදියුණු වෙනව කියල මම හිතන්නෙ....බුකිය එක අතකින් ඒ නිදහස සීමා කරනව...මොකද එතන තියෙන්නෙ හරිම ක්ෂණික වටපිටාවක්...ඒත් එක්ක බැලුවම මෙතන සාගරයක් වගේ නිර්මාණකරණයෙ යෙදෙන කෙනෙකුට...

      Delete
    8. නියමයි.... එකම තරංග ආයාමයේ!! (ඔය රට්ටු කියන එක එක කතා අහන්ට එපා මම ගැන ඔන්න!)

      ;-)

      Delete
    9. රට්ටු නම් මොකවත් තාම කියල නෑ ...කිව්වත් අදාළම නෑ ;)

      Delete