Wednesday, October 25, 2017

වර්ණ සහ පින්සල්


සියළුම වර්ණ හැඩතල
පවරා දී කැන්වසයට
සෝදා පිරිසිදු විය යුතුයි
පින්සල්.





8 comments:

  1. පින්සල් එක්ක ඔට්ටුව
    හති අරියි
    මේසය මත -
    ජල බඳුන

    ReplyDelete
    Replies
    1. කැන්වසය සොයන
      දෑස් නොම රැදෙන
      සිතුවමක් ඇත
      එතැන....

      Delete
    2. කැන්වසය නොදත්
      නෙක පැහැ
      එතැන
      හිකි හිකි ගගා
      හිනාවෙන!

      Delete
    3. පින්සල් නොමැති තැන
      වර්ණ විදින
      නිදහස...

      Delete