Tuesday, October 31, 2017

වැටුණ තුරුපත්


කවුරුන් හෝ කවදාක හෝ
ඇවිත් අමදින තුරුම
හැලුනු තැන් වල නතර වෙයි
වැටුණ තුරුපත්

උයන් පල්ලෙකු ගෙ සුරු දෑතට
අත් දඬු කැපීයන බව දැන දැනම
ඊතණ පඳුරු පැලවේ
මල් උයනෙත්

දුක් දරා බිහි කරගත්ත මුතු ඇට
දන් දෙන්න වෙන බව වෙනකෙනෙකුට
කවදාකවත් දැන උන්නද
මුතු බෙල්ලෙක්.. 





5 comments:

  1. අනේ මේ කවි ඌය්යා !!! උත්තර නැතුව යනවා .... ඇයි මේ????????????

    ReplyDelete
    Replies
    1. උත්තර නැති එකම උත්තරයක් වෙන්න බැරිද?

      Delete
    2. උත්තරයක් නැති එක උත්තරයක් වන්නේ උත්තර රහිත නම් පමණි.

      Delete
    3. උත්තර නැති වෙන එක උත්තරයක් නෙමේ නම් උත්තර නැති වෙන්නෙ ඇයි කියන එක ප්රශ්ණයක් වෙන්න පුලුවන්ද?

      Delete
    4. ඒ ප්‍රශ්නයට උත්තරේ ප්‍රශ්නයකි !!

      Delete