Friday, October 6, 2017

I am nobody... Are you nobody too..?

I am nobody
Are you nobody too..?

කිසිවෙකුත් නොවෙමි මම....
යලිත් කියමි 
ඔබට.

ඔරලෝසු කටු පවා
ගල් ගැසුන
හිම මිදී ඇති බිමකි
මෙතැන....

වැරදීමකින්
පය තැබුව සුළඟ ද
ඒ සැණෙන්
යළි හැරෙන...

නම නොදන්නා 
තුරු මුදුන් වල
සෘතුවක් නැතුවම
ඔහේ මල් පිපෙන 
යලි හැලෙන...

මියුරු ඵලවැල
හටගත්තද අතු අග
සියොතුන් පියාඹා
නොඑන...

මී දුමෙන් වැසුණ
අර කන්ද මුදුනට නැග
කෑ ගසා කියමි..

"කිසිවෙකුත් නොවෙමි මම"




8 comments:

  1. කිසිවකුත් නොවීමම
    කිසිවකු කර ඇත - ඔබව

    ReplyDelete
    Replies
    1. හිස්කමින් වුණත් පිරෙන්න බැරිද අපිට? නිහඩබවත් කතා කරනව සමහර වෙලාවට.....

      කිසිවෙක් නොවීම සමහරෙක් වෙන්න පුළුවන්..ඒත් ඇත්තට එතන කිසිවෙක් නෑ....

      Delete
    2. හිස්කම කියන්නේ ප්‍රභල පිරීමක්!
      නිහඬබව කියන්නේ කන්දෙක බිහිරි කරවන අතොරක් නැති කියවිල්ලක්...
      කිසිවෙක් නොවීම කියන්නේ හැමදෙනාමම වීමක් - වෙනත්ම කෙනෙක් වීමක් !

      Delete
    3. කිසිවෙකු වෙන්න පටන්ගන්න තැනමයි තමන්ට තමාව අහිමි වෙන්නෙ..එතකොට එතැන ඉන්නෙ බාහිරයට අවශ්‍ය විදිහට මවාගත්ත වෙනත් යමෙක් විතරයි...හැබෑ මම ඉන්නෙ මේ හැමදෙයක්ම ඇතුලෙන්...ෙම් බාහිර අාටෝපයන්ගෙන් ඉවත් වෙන තරමට බාහිර ලෝකයට ඒ් පුද්ගලයා පිටස්තරෙයක් වෙනවා....අැල්බෙයා කැමූ ගෙ පිටස්තරයා නවකතාව මතක් වෙනවා.....

      Delete

    4. එකඟයි

      මට වෙලා තියෙන්නේ අකුරෙන් ලියන්න බැහැ මගේ හිතේ ඇඳෙන දේ.. චිත්‍රයක් තමයි හොඳම!

      Delete
    5. අකුරු වලින් චිත්‍ර අදින්න පුළුවන්...කවියෙන් කෙරෙන්න ගොඩක් වෙලාවට ඒ වැඩේ තමා...

      Delete
    6. නමුත් සමහර වචනවලට අපි කලින් දීලා තියෙන අර්ථකථනය බාධාවක් වෙනවා කවියක ඒ අකුරු අමුනලා ලියන්න ගියාම. මට ඒ බාධාව දැනිල තියෙන්නේ මගේ ශබ්දකෝෂය පටු නිසා වෙන්න ඇති.

      Delete
    7. හැම වචනයක්ම එහෙමනෙ විවිධාකාර තේරැම් තියනව..අමුතු වචන අවශ්‍ය නෑ මේ අපි දන්න ප්රමාණය ඇති...

      Delete