Wednesday, November 15, 2017

ඉන් පසුව....


ඉන් පසුව
පුරුදු ලෙසටම
බොහෝ සෘතු ගතවනු ඇත.. 

නුග ගස්ද කොළ හලා
යලිත් දලු දමනු ඇත. 

අතු ඉති වසා දම් පාට
රොබරෝසි ආයෙමත්
පිපෙනු ඇත... 

පුරුදු ලෙසටම
රල නඟන මේ සයුර
වෙරළ මත රහස් මුමුණනු ඇත

කොයියම්ම හෝ දවසක
ඔබ මෙතන වුන් බව කියවෙන
අඩි සළකුණක් දෙකක් ගැන ගැන
මම මෙතැන... 
මෙතැනමම හිඳිනු ඇත.... 






10 comments:

  1. ලේසි ලෙස පෙනුනට
    ලේසි නැත..

    ReplyDelete
    Replies
    1. ලේසි බව කොතනකවත් කියා නැත....
      ලේසියට පහසුවට අඩිසළකුණක් ඉතිරිවන්නෙත් නැත...

      Delete
    2. සෘතු ගතවීම
      නව දළු දැමීම
      රොබරෝසියා පිපීම
      වෙරළේ රැලි සැලීම

      ලේසිය කියා
      'මට' හිතුනට

      ලේසි නැත

      Delete
    3. සෘතුවක් යනු පසුකර යෑමකි
      රොබරෝසි පිපීමකි පරවීමකි
      වෙරළේ රළ සැලීම පුරුද්දකි..

      ඒ සියලු දෑ අතර
      ඉතිරි වූ අඩි සළකුණක් ලග
      බොහෝ වේලා නතරව සිටීම
      වටහාගත නොහැකි යම් දෙයකි.....

      Delete
    4. එවන් අඩි සලකුණු
      වැස්සක අවසන
      ඉතුරුවුන - පරවුණු
      පුරුදු ; පසුකර යාමකි !

      ගිම්හාන කාලය
      එවන් දේ නොගෙනෙන - බැවිනි

      Delete
    5. ගිම්හානය කටුක එතරම්
      එවැනි දෑ සිදුනොවන බැවිනි....

      Delete
    6. කටුක ගිම්හානය
      කුමට තබා යනු සලකුණු?

      වස්සානයම
      තබන්නේ නම්
      එවන් ඊයම් බරු!

      Delete
    7. එවන් කුඩා සටහනකට
      මල් පිබිදවීමට නොහැකිද
      ගිම්හානයේ වුවද?

      Delete