Friday, December 15, 2017

කැළෑ මල්


අමාවක දවසට
සිනාසී අහසට
පීදුනත් සිහින් තරු එළි...

පුරාහඳ ආවම
අමතකයි අහසට
තරු එළි මැව්ව හසරැළි...

කලා රස හඳුනන
දෑස් යුගලකට
නොපෙනී යන්තමින් හරි..

ඒ තරම් හැඩ රුවට
ඈත වන උයන්වල
පිපී පරවෙන්නේ ඇයි
කැළෑ මල් මේ හැටි?





7 comments:


  1. ඒ තරම් හැඩ රුවට
    ඈත වන උයන්වල
    පිපී පරවෙන්නේ ඇයි
    කැළෑ මල් මේ හැටි?
    ++

    ReplyDelete
  2. හැමෝටම පේන්න පිපුනොත් මලේ ලස්සන තියෙන්න නෑ. ඒක ඉක්මනටම කෞරුහරි විනාස කරලා දානවා . ඈත වන උයන්වල පිපුනේ නැත්නම් ඒ මල් කැලා මල් වෙන්නෙත් නැනේ. මුළු කැලාවම ලස්සන කරලයි ඒ මල් පරවෙලා යන්නේ. ඒක කැලේටම ආඩම්බරයක් .

    ReplyDelete
    Replies
    1. අඩුවශයෙන් කැලේට හරි කැලෑමලක අගය තියනවනම් ඒක සතුටක්...මල් නම් මුළු ලෝකෙටම පේන්න පිිපිය යුතුයි කියල නියමයක් නෑනෙ....ඒ මොනව වුණත් කාට පෙණුනත් නොපෙණුනත් මල් පිපෙන එක නම් වලක්වන්න බෑ කාටවත්....

      Delete