Tuesday, December 5, 2017

අරුමැසි කවි සමය....


මේ ගෙවෙන්නේ
බොහෝ හුරුපුරුදු මං පෙත්
නුහුරු ලෙස පෙනෙන සමයයි

හිතුමතේ අහසට වන්
හිතුවක්කාර වළාකුළු 
නොකල් වැසි වස්වන සමයයි

අහස වසිනායුරු දැක
හදවතේ අකුණු පුපුරන 
ඒ අකුණු සමයයි

නාඳුනන ඇස් දහසක් මැද
හඳුනන නාඳුනන ඇස් මඟහැරෙන
නාඳුනන සමයයි...

නොවරදින දුම්රිය 
බස්රථ 
හිතාමතම වරදින සමයයි..

මේ ගෙවෙන්නේ
හිස් කඩදාසි පිටු පුරා
වකාරෙට කවි ලියවෙනා
ඒ අරුම සමයයි...




4 comments:

  1. එහෙම ලියවෙනා කවිවල
    එළිසමය පවා
    වදදෙන සමයයි

    ReplyDelete
    Replies
    1. ..ඒ වදය නම් ඉතින් සුන්දර වදයක්

      Delete
  2. ලස්සනම ලස්සනයි!

    ReplyDelete