Thursday, December 7, 2017

නමක් නැති ගසක්


නමක් නැති ගසකි
මහපාර අද්දර
එකින් එක පත් හලනා..

දසත විහිදුන
තුරු වියන යට
සිහිල් සෙවණක් දැනෙනා...

කලට නොකලට
වැහි සුළං සැඩ
අසල නිසලව හිඳිනා..

මා කුඩා ගස
කියාදෙනු මැන
මටත් ඒ මඟ නිවෙනා..





7 comments:

  1. වසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින්
    ගිම්හානයේ අම රසැති ඵල පූදමින් - ගී මුමුණමින්
    ශරත් කළ සැන්දෑ වළා පැහැ රැගෙන රන් පත් පළඳමින් - රඟ දෙමින්
    හේමන්තයේ සුසුදු හිම තුහින වැසි තුළ නැහැවෙමින් - සැනැහෙමින්
    යළිදු
    වසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින්
    ජීවිතය
    විඳිමින්...

    ඔබේ කවි වියමන් හැමදාම රස විඳිනවා. හරිම අගෙයි. :)

    ReplyDelete
  2. මා කුඩා ගස
    කියාදෙනු මැන
    මටත් ඒ මඟ නිවෙනා..

    කැමතිම ටික

    ReplyDelete
  3. ගහක් ගැන කතාවක්.................
    සිසිරයට පෙර උදාවන
    හේමන්තයේ
    කොළ හැලී ගිය විටදි
    ගුරු පැහැ ගැන්වි
    මියෙන්නට සිතුනු වාර
    අනන්තය.....
    හිම පියලි යට
    සැගවි සීතලේ
    නමුදු
    යලිත් වසන්තයක්
    උදාවන බැවින්
    ඉවසා සිටිමි
    නැවත වරක් මල්
    පුබුදනු රිසින්

    ReplyDelete