Monday, June 11, 2018

නිදහසේ පියාසර කරන කුරුල්ලනි මේ ඔබටය...


මද සුලඟ මෙන් කුණාටුද
අත්තටු දෙකට උරුමය..
පය තියු තියු තැන් වල
පිහාටු වල සුවඳ ය..
හීන් හොට අග විවරව
නැගෙන ගී හඬ මියුරුය...
අහස යට ඕනැ දුක සැපක්
කුරුල්ලන්ට පුරුදුය..

අතු ඉති අතර නිවහන
මල් රොන් වලින් නොඅඩුය..
තටු දිගඅරින නිදහස
අහසත් බිමත් එකමය..
ඈත ගුවනේ ඉඳන්
පෙනෙන ලොව මහරුය..
ඉතින් උන් කවියන්
නොවුණොත් ඒක පුදුමය...





2 comments:

  1. උඩත් පහළත් ඉගිල්ලෙද්දී දුටිමි ලස්සන තොරතුරූ
    දුකත් සතුටත් අතර පින් දෙමි පියාපතකට නිරතුරූ
    මටත් මිමිනෙන පද රටාවල තිබෙනවද තාලය සරූ
    අදත් නිදහස සොයා සරනෙමි කවි රටා හමුවන තුරූ....

    ---විහඟෙකු----
    අගෙයි හශාන්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිදහසේ පියාසරනා කළ තව තවත් කවි හමුවේවා!!!

      ජය!!!

      Delete