එක මිටට අතට කර
වරාමල් අරගෙන යනකොට
අතරමඟ අතහැරෙන මල් දිහා
අපසු හැරී බලන්නට
මොහොතක් නතර වෙනවද
කිසිම දවසක සුළඟ.....
ඔය තරම් දෙස් දෙවොල් තිබ්බත්
රාත්‍රී ඝන කළුවරට
හඳ ගෙනත් දෙන්න පුලුවන්ද අහසට
පුංචි උලලේනෙකුගෙ තනියට
අමාවක ලැබුව දවසට....
එතෙර වෙන මගියෙකුව
ගෙනවිත් ඇරලුවත් තොටුපළට
ගඟක් හැමදා උහුලගෙන ඉන්නවද නිහඬව
හබල් පාරක අනදර.....
ඒත් මගෙ මිතුර
කෑ ගගහ ඇඬුවත් දුම්රියක එංජිම
බිඳක් වත් උණු නොවෙන බව ඇත්තයි
රේල් පීල්ලක යකඩ හදවත...
සුළග එක මිටක වරා මල් ගෙනියනකොට අනික් අතින් හොර මලුත් ගෙනියනවනේ.
ReplyDeleteඅමාවක ලැබුව දවසට හද නැති උනත් උලලේනගේ තනියට කණා මැදිරියෝයි රෑ බදුල්ලොයි ඉන්නවනේ.
හබල් පාරේ අනදරේ වැඩි උනාම තමයි ගග ලොකු රැළි නගන්නේ.
රේල් පීල්ලක යකඩ හදවත උණු උනාම තමයි එන්ජිම පිලී පැනලා කෝච්චිය නවත්තන්නේ.
එහෙම නේද රන්දික..
එහෙම හිතන්නත් පුලුවන් :)
Deletesundara nirmanayak
ReplyDeleteබොහොම ස්තූතියි නිලක්ෂි !
Delete