සරතයේ සුළඟ නොව
වස්සාන වැස්සටය
නැවුම් දළු දමන්නේ
මේ සියලු ගහකොළ ...
අකුණු පිපුරුමට නොව
සිහිල් වැහි බිඳුවට ය
හෙමි හෙමින් දිය වුණේ
දේදුන්නෙ පාට හත...
පුරුද්දටමත් නොව
පතුලෙ මුතු තිබුණට
වෙරළ කොණ හැපි හැපී
වැළපෙන්නෙ සයුරු රළ...
හිරුගෙ උණුහුමට නොව
සඳුගෙ සිසිලසට මයි
පරවුණේ විල් දියේ
පිපුණ අර නෙළුම් මල...
හ්ම්.... ලස්සනයි...
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමී!!
Deleteපිටින් සැර පරුෂ පෙන්නන කෙනා ඇතුලතින් හරිම අහිංසකයි. අන්න ඒ වගේ.
ReplyDeleteඑ දෙකම එකවර පවතින්න පුලුවන්!
Delete