යාල වනෝද්‍යානයේ "කන්කොටා" නම් සුප්‍රසිද්ධ කොටියා මරා මස් කර තිබියදී සොයා ගැණින.
රන් බඳේ වැටුණ රන් ගෝමර දිලුනයි
පින් කඳේ රුවට යාලම එළි වැටුණයි
ලෙන් දොරේ සිහිල් හෙවණක කල් ඇරුණයි
කන් කොටේ නමට මුළු වනපෙත නැමුණයි
වනේ ගහකොළක පාටින් හැර නොයන
සෙනේ බැඳන් ගස් ගොමු අතරේ රැඳුන
කුසේ දැවෙන ගින්දරකට දැන පමණ
ගතේ සවිය නොයෙදුණි ගොදුරක් නසන
පානම් පත්තුවේ අහසින් කිරණ හලා
ඉර මිය ඇදුන කලුවරවූ රැයක ඉතා
හෙවණැලි අතර බඩගා ලේ සුවඳ බලා
නොදුටුවෙ ඇයිද උඹ දෙපයින් ආපු සතා
වනමල් පිපී සුවඳින් බරවුණු ලන්දේ
අවකල් කුයිලයකි ඒ රැය වහගත්තේ
සිහිලැල් සුවය විඳිමින් සිටියදි බැද්දේ
සිහිනෙන්වත් නොමැත උඹ ඒ වග දැක්කේ
අඩි තිය තියා ගණ අඳුරේ මස් වැද්දා
යකඩ දුනු බටේ දුනුදිය ගෙන ඇද්දා
රන්වන් පපුවටම එල්ලය ගෙන විද්දා
ගැලු ලේ කඳට මහ පොලවත් ඉකි බින්දා
අරුණලු කැරලි පැතිරෙන විට හතර වටින්
ඇඟ මස පැටවුණිය මන්දිර වහල යටින්
සිල් පද රකින ඒ උතුමන් මේස උඩින්
මස් රස බැලුනි ලෝකෙට බණ දෙසන කටින්
කලුවර අදත් ගුලිවෙනවා වන අරණේ
පිහිටට කතරගම දෙවියොත් නැහැ සරණේ
හඬගා කියනු බැරි හින්දය උඹ මැරුණේ
ඉතින් කොහොම සැතපෙනු ගිනිගත් දෙරණේ...
2016/06/15
:-(
ReplyDelete:(
Deleteනෙතගින් වන සතකුගේ රුව විදින්න බැරි නොමිනිසුන් අද වැඩියි මේ රටේ රන්දික.
ReplyDelete:( :(
Delete