වීසි කර දැමුවෙමි
මිලින වුණු ගොක් කොළ
ගලවා දැමුවෙමි සුදු කොඩි
සමගින් ශෝක පණිවිඩ
නැත කිසිම සළකුණක්
නැත කිසිවක් ඉතිරිව
පෙර මෙන් ය දැන් නිවස...
ඉදිරිපස ආලින්දෙ
ඔබේ පියවර හඬ ද
රතඹලා වැට ගාව
පොළව ගැටෙනා හඬ ද
කුස්සියෙ හැලි වළං
ඉඳහිට පෙරලෙනා හඬ ද
යහනතේ දාඩිය සුවඳ මුසු
ඔබේ උණුසුම් සුසුමද හැර..
වෙලාව ආවම අපි කාටත් යන්නම වෙනවා රන්දික.
ReplyDelete