Thursday, December 30, 2021
C'mon C'mon (2021)
Tuesday, December 28, 2021
Belfast (2021)
ඕනෑම ගමක වෙන සිද්ධියකින් මුළු මිනිස් සමාජයම නියෝජනය කරන්න පුලුවන්. මේ කතාව මට මතක විදිහට කියා තිබෙන්නෙ ලියෝ ටෝල්ස්ටෝයි. මෙයින් අදහස් වෙන්නෙ බොහෝවිට ලෝකයෙ කොතැනක වුණත් ජීවිතය සම්බන්ධයෙන් ඇති මූලික කොන්දේසි ටික කාටත් පොදු බව. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයත් ඒ නිසා මීට වැඩි වෙනසක් වෙන්නෙ නැහැ. බෙල්ෆාස්ට් නගරෙ 1969 දශකය පසුබිම් කරගෙන වුණු සිදුවීම් කිහිපයක් මුල් කරගෙනයි Belfast චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. 2022 Golden globe සම්මාන උළලේ වසරේ හොඳම චිත්‍රපට 5 අතරට එන්න Belfast සමත්වෙලා තියනව වගේම බොහෝම දෙනෙක් මේ වසරේ හොඳම චිත්‍රපට ලයිස්තුවට Belfast ඉහළින්ම ඇතුළත් කරනව.
Monday, December 27, 2021
Dont look up (2021)
රටට හරි ලෝකෙට හරි බලපාන මොකක් හරි ඇත්ත ප්‍රශ්නයක් වුණාම එය විසඳාගැනීම වෙනුවෙන් කවුරුන් හරි කණ්ඩායමක් එකතුවෙලා වැඩ කරනකොට බොහෝ වෙලාවට දැකගන්න ලැබෙන දෙයක් තමා දේශපාලකයින් එතනට මැදිහත් වෙලා වැඩේ මුළුමණින්ම දේශපාලනීකරණය කරගෙන අර කටයුත්තේ අරමුණ එහෙමපිටින් දිය කරල දාන එක. අපේ රටවල වුණත් මේ දේ සෑහෙන දැකගන්න ලැබෙනව. රටේ යහපත වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් මොනතරම් තිබුණත් මේ දේශපාලකයන්ගේ මූලිකම ව්‍යාපෘතිය වෙන්නෙ තමන්ගෙ බලපැවැත්ම ආරක්ෂා කරගැනීම පමණයි. ඒ වෙනුවෙන් රටේ මතුවෙන ඕනෑම තත්ත්වයක් තමන්ගේ වාසියට හරවාගන්න ඒ අය දන්නව. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න නිර්මාණය කරන්න හරි සැබෑ හතුරෙකුට සුදුහුණු ගාල පෙන්නල දෙන්න හරි ඒ අය දක්ෂයි. කාලෙන් කාලෙට මෙහෙම වීරයෝ දුෂ්ටයෝ මාරුවෙන හැටි අපිට ඕනැ තරම් දැකගන්න පුලුවන් මැතිවරණයක් ලංවෙනකොට. 2021 අවුරුද්දේ බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු Dont look up චිත්‍රපටයෙත් එක්තරා ආකාරයකට දකින්න ලැබෙන්නෙ එහෙම කතාවක්.
Thursday, December 23, 2021
The Worst person in the World (2021)
"මම දන්නව ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියල...ඒත් තව කාලයක් අපි මෙහෙම හිටියොත් මට ඔයා ගැන ආදරේ හිතේවි.. එතකොට හැමදේකටම ප්‍රමාද වැඩි වෙලා තියේවි. මම හිතන්නෙ අපිට ආයෙත් හමුනොවී ඉන්න පුලුවන් නම් හොඳයි. ඇත්තටම කිව්වොත් මෙතන තියන ප්‍රශ්නෙ තමා අපි දෙන්න අතර තියන වයස පරතරය.. ඒක අවුරුදු පහළවක්!. ඔයා මට වඩා සෑහෙන තරුණයි. මට දැන් හතළිහත් පැනල. මෙතනින් පස්සෙ ජීවිතේ සෑහෙන වෙනස්. ඒත් ඔයාට එහෙම නෑ. ඔයාට තව කාලය අවශ්‍යයි හැමදෙයක්ම තේරුම් ගන්න. ඔයාගෙ නිදහස නැති කරන්න මට බෑ. මට බයයි අන්තිමට අපි දෙන්න එකිනෙකාට රිද්දාගනීවිද කියල."
Wednesday, December 22, 2021
Tuesday, December 21, 2021
Drive my car (2021)
Wednesday, December 15, 2021
දෙවියන් සෙවීම....
Wednesday, December 8, 2021
The Poet Of Ignorance
Monday, December 6, 2021
Spencer (2021)
වර්ෂ 1991 දෙසැම්බර් මාසයේ දි බ්‍රිතාන්‍ය රජ පවුල, එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයෙ, මහ රැජිණට හිමි වතුයායක පිහිටි Sandringham නිවාසයේ තම නත්තල් නිවාඩුව ගතකිරීමට පැමිණෙනව. වෙල්ස් හි කුමරිය ඩයනා, ඇගෙ සැමියා වුණු චාල්ස් කුමරා සහ ඔවුන්ගේ එවකට කුඩා දරුවන් වුණු විළියම්, හැරී දෙපුතුන් ද මේ පිරිස අතර ඇතුළත්. මේ ගෙවෙමින් තිබුනෙ ඩයනා කුමරිය ලොව පුරා මාධ්‍යවල පුවත් මවමින් සිටි යුගයක්. විශේෂයෙන් ඇගෙත් චාල්ස් ගෙත් විවාහයෙ ඉරිතලායාම්, රාජකීයයෙකුට කිසිසේත් නොගැලපුණු ඇගේ නිදහස්කාමී හැසිරීම් රටාව මේවායින් සහ ඩයනාගේ ඡායාරූප වලින් පුවත්පත් සඟරා පිරී ඉතිරී යමින් තිබුණා. 1991 නත්තල් නිවාඩුව රජ පවුලේත් ඇගේ ජීවිතයේත් සුවිශේෂ කඩඉමක් සනිටුහන් කල සිදුවීමක්. ඒ ඇය තමන්ගේ විවාහය සහ ඒත් සමඟ රජ පවුල සමග ඇති උරුමය අතහැරීමට තීරණය කරන්නෙ මේ කාලපරාසයෙදි වීම. Spencer චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මෙන්න මේ ඓතිහාසික සිදුවීම මුල් කරගෙන.
Saturday, December 4, 2021
When I am among the tree
Thursday, November 25, 2021
A hidden life (2019)
"සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය. එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක. මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය."
Wednesday, November 24, 2021
I want to be a witch.
Tuesday, November 23, 2021
The Red Dress
Monday, November 22, 2021
The Little Boy and the Old Man
Wednesday, November 17, 2021
Chungking express (1994)
"අපි හැම කෙනෙක්ම හැමවෙලාවෙම ආදරයෙදි එකවගේ වාසනාවන්ත වෙන්නෙ නැහැ. මට එහෙම වුණාම මම කරන්නෙ ඇවිදින්න යන එක. ශරීරයෙ තියන වතුර සෑහෙන ප්‍රමාණයක් දහදිය වෙලා පිටවෙලා යනව එතකොට. කඳුළු බවට හැරවෙන්න ටිකක් වත් ඉතුරු වෙන්නෙ නෑ"