Monday, November 22, 2021

The Little Boy and the Old Man

"සමහර වෙලාවට
මම මගෙ හැන්ද වට්ටගන්නවා"
කිව්වා පුංචි ළමයා...

"මමත් එහෙම කරනවා"
කිව්වා වයසක මනුස්සයා...

"සමහර වෙලාවට
මම මගෙ කලිසම තෙමාගන්නවා".
රහසින් කෙඳිරුවා පුංචි ළමයා..

"මමත් එහෙම කරනවා"
හිනාවුණා වයසක මනුස්සයා...

"මම නිතරම අඬනවා"
කිව්වා පුංචි ළමයා...

"මමත් එහෙම කරනවා"
ඔලුව වැනුවා වයසක මනුස්සයා...

"නරකම දේ තමා"
කිව්වා පුංචි ළමයා..
"වැඩිහිටි අය කවුරුත්
මාව ගණනකට නොගන්න එක"

"තේරුම්ගන්න පුලුවන් මට
ඔයා කියන දෙය"
කිව්වා වයසක මනුස්සයා
ඒ පුංචි ළමයට...
.
.
.

Shel Silverstein ගේ පැදියක් අසුරෙන්..



3 comments:

  1. මිනිස්සු වයසට යනකොට පුංචි ලමයි වගේ වෙනවා කියලා අහල තිබුනට, මේක මෙච්චරම හිතට වැදුනෙ දැනුයි.🤔🙏👌

    ReplyDelete
  2. පැහුණාම පොල්
    තියෙනවා තෙල්
    ඇට්ටියක් වෙන්න පොල්
    යනවා හුඟක් කල්!

    ReplyDelete