Thursday, May 31, 2018

වාදකයෙකුගෙ ජීවිතය - Whiplash (2014)


ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන කෙනෙක් ඒකට යොමුවෙන්නෙ කවුරුහරි 
පරමාදර්ශී වාදකයෙකුගෙ බලපෑම නිසා (inspiration). සංගීතය විතරක් නෙමේ ඕනෑම 
විශය ක්ශේත්‍රයක අපිට මේ විදිහෙ බලපෑමක් ඇතිකරන්න පුලුවන් පුරෝගාමී චරිත 
(Role model) හඳුනාගන්න ලැබෙනව. ලංකාවෙ  නම් ගිටාර් වාදනයට යොමුවෙන්නෙ 
කෙනෙක් ක්ලැරන්ස් විජේවර්ධන වගේ කෙනෙකුගෙ නිර්මාණ අහල වෙන්න පුලුවන්, 
බටහිර සංගීතය අහන කෙනෙක් නම් Queen, Beatles Guns n Roses  වගේ සංගීත 
කණ්ඩායමක එහෙම නැත්තම්  Slash, Jimmy Hendrix, Eric Clapton, David Gilmore, 
Jimmy Page, Carlos Santana වගේ ගිටාර් වාදකයෙකුගෙ වාදනයන් අහල වෙන්න 
පුලුවන්. Whiplash කියන්නෙ අන්න ඒවගේ ඩ්‍රම්ස් වාදනයෙන් ඉහළටම යන්න හීන 
දකින තරුණයෙකුගෙ (Andrew) කතාවක්.

කතාවක් කිව්වට ඇත්තටම අපිට චිත්‍රපටය පුරාම දැකගන්න ලැබෙන්නෙ තමන්ගෙ හීනයට 
ලංවෙන්න Andrew දරන වෙහෙසයි. මොකද වාදකයෙකුගෙ වාදනයක තියන ලස්සන 
ජීවිතේ ඇතුලෙ නැහැ. කාලයත්, ශ්‍රමයත් සෑහෙන්න වැයකරන්න ඕන හොඳ වාදකයෙක් 
වෙන්න නම්. ඩෙරික් වික්‍රමනායක කියන්නෙ ලංකාවෙ ඉන්න අති විශිෂ්ට ගිටාර් වාදකයා 
වතාවක් එක රූපවාහිනී වැඩසටහනකදි කියනව ඉහළ මට්ටමේ ගිටාර් වාදකයෙක් වෙන්න 
නම් දවසට අඩුගානෙ පැය දහයක් වත් පුහුණුවීම් කරන්න ඕන කියල. ඉතිං whiplash 
චිත්‍රපටය පුරා අපි දකින්නෙ ඒ කාරණාව තමා. Andrew ගෙ ගුරුවරයා Flitcher අපි 
දකින්නෙ බොහොම දරදඬු, ඉක්මණින්ම කේන්තිගන්න, හිත්පිත් නැති මනුස්සයෙක් විදිහට. 
නමුත් තමන්ට අවශ්‍යදේ මොන ක්‍රමයෙන් හරි Flitcher තමන්ග ශිෂ්‍යයන්ගෙන් ලබාගන්නව. 
Flitcher යටතේ පුහුණු වෙනව කියන එක අපි කියන විදිහට කිව්වොත් සෑහෙන කට්ටක් 
කන්න වෙන වැඩක්. සමහර වෙලාවට පුහුණුවීම් මැද්දෙ Andrew ගේ අත් වලින් ලේ ගලා 
එනව. නමුත් තමන්ගෙ හීනයට යන්න නම් මේ ඔහු මේ අභියෝගයකට ම මුහුණදිය යුතුයි. 
අනිත් අතට සංගීතඥයෙක් වෙන්න හීන දකිනව කිව්වම දෙමව්පියන් ගෙන් නෑදෑයන් ගෙන් 
Andrew ට වෙන කෙණෙහිලි කම්. ඒත් තමන්ගෙ හීනයට යන්න නම් මේ  හැම දෙයක්ම 
විඳදරා ගත යුතුයි.

Whiplash 2015 අවුරුද්දෙ oscar සම්මාන උළලේ සම්මාන 3 ක් දිනාගන්නව. ඒ 
Flitcher ගේ චරිතය රඟපාන  J.K.Simmons හොඳම සහය නළුවා වෙනුවෙන් ලැබූ සම්මානය 
ඇතුළුව. ඒ අවුරුද්දෙ බොහොමයක් සම්මාන උළෙලවල J.K. Simmons සම්මානයට 
ලක්වෙනව. මේ චිත්‍රපටය ඇතුලෙ ඔහුගෙ රංගනය ඒ තරම් ප්‍රබලයි. IMBD වල 8.5 ක් වගේ 
ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබිල තියනව.සංගීතයට සම්බන්ධ චිත්‍රපට බලන්න කැමති 
අයට මේක ඉහළින්ම නිර්දේශ කරන්න කැමතියි.





5 comments:

  1. Replies
    1. ෆිල්ම් එක බැලුවා. ඒත් ෆිල්ම් එකේ කතාව හරි දුර්වලයි. ෆ්ලෙචර්ගේ ජීව ස්වභාවයන් තේරුම් ගැනීමට අපහසුයි වගේම ඔහු පාර පෙන්නනවා කියල හිතන්න අමාරුයි චරිතේ එක්ක. නිකම්ම මුග්ධ චරිතයක්

      Delete
    2. මුල මැද අග පිළිවෙළට තියන කතන්දරයක් දකින්න නෑ තමයි...රස වින්දනය විවිධයි...හැමෝටම එකම හිදිහට දැනෙන්නෙ නෑ....

      Delete
    3. නෑ මේකේ මුල මැද අග සම්බන්ධ ප්‍රශ්නයක් නෑ හෂාන්. ෆ්ලේචර් තමන්ගේ ගෝලයන් ඒ මට්ටමට ගේන්න මහන්සි උනා කියන්න තරං සාධක නෑ ඔහුගේ මුග්ධ අධම ගති විතරයි පේන්නේ. එහෙනං අවසාන කොටසෙදි ඇන්ඩෘ තනියම ප්ලේ කරද්දි ළගට ඇවිල්ල අරහම කතා කරන්නේ නෑ.

      Delete
    4. මම හිතන්නෙ එතන වැදගත් වෙන්නෙ ඇන්ඩෘෘ තමන්ගෙ හීනයට ළං වෙන්න ගන්න උත්සාහය, ඔහු දරන වෙහෙස. ෆ්ලෙචර් වගේ බොහොම දරදඩු ගුරුවරයෙක් යටතේ පුහුණු වීම පහසු කටයුත්තක් නෙමේ. සංගීතය අපිට ඇහෙනකොට බොහොම මිහිරි වුණත් ඒකෙ ඇතුළාන්තෙ අදුරු පැත්ත මේ චිත්රපටියෙන් පෙන්නා දෙනව කියලයි මම හිතන්නෙ.....

      Delete