Monday, June 25, 2018

සිහිලසද උණුහුම.....




සරතයේ සුළඟ නොව
වස්සාන වැස්සටය
නැවුම් දළු දමන්නේ 
මේ සියලු ගහකොළ ...

අකුණු පිපුරුමට නොව
සිහිල් වැහි බිඳුවට ය
හෙමි හෙමින් දිය වුණේ 
දේදුන්නෙ පාට හත...

පුරුද්දටමත් නොව
පතුලෙ මුතු තිබුණට
වෙරළ කොණ හැපි හැපී 
වැළපෙන්නෙ සයුරු රළ...

හිරුගෙ උණුහුමට නොව
සඳුගෙ සිසිලසට මයි
පරවුණේ විල් දියේ 
පිපුණ අර නෙළුම් මල...






4 comments:

  1. හ්ම්.... ලස්සනයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී!!

      Delete
  2. පිටින් සැර පරුෂ පෙන්නන කෙනා ඇතුලතින් හරිම අහිංසකයි. අන්න ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. එ දෙකම එකවර පවතින්න පුලුවන්!

      Delete