Saturday, May 2, 2020

Gonjiam Hunted Asylum (2015)

ලෝකයේ වඩාත්ම බිය ගෙනදෙන ස්ථාන 7 ක් CNN ආයතනය විසින් නම් කරනව. එතනින් පළමු තැන ගන්නෙ දකුණු කොරියාවේ ගොන්ජියාම් අතහැරදැමූ මානසික රෝහල. 

දකුණු කොරියාවේ සෝල් අගනුවරට දකුණෙන් කුඩා ගමක ගොන්ජියාම් රෝහල පිහිටා තියෙන්නෙ. 90 දශකයෙදි හිටිහැටියෙම මේ රෝහල වසා දමනව. ඒකට නිශ්චිත හේතුවක් සොයාගන්න ලැබෙන්නෙ නෑ. ගොන්ජියාම් කියන්නෙ දරුණු ගණයේ මානසික රෝග වලින් පෙළුණ අය වාසය කල තැනක්. මේ අය බොහෝ දෙනා එකවරම සියදිවි නසාගන්න පටන්ගත් බවත් ඒ නිසා රෝහල වසා දැමූ බවත් කියනව. මේ රෝහල පාලනය කල වෛද්‍යවරයා මෙහි රෝගීන්ව අමානුෂික ආකාරයේ පරීක්ෂණ වලට ලක් කල බවත් ඒ වෛද්‍යවරයා ගෙල වැළලාගෙන ජීවිතය අවසන් කල බවත් ඉන් පස්සෙ රෝහල වසා දැමූ බවත් තවත් කතාවකින් කියනව. ඒ මියගිය අය තවමත් මෙතැන සැරිසරන බවයි කියන්නෙ.

කොහොම වුණත් දැන් මෙතැන අතහැර දමා පාලුවට ගිය තැනක්. ඉදිරිපස ගේට්ටු වසා තිබුණත් සමහරු මෙතැනට ඇතුලු වෙලා මළගිය ආත්ම මුණගැහෙන්න උත්සහ දරල තියෙනව. ඒ අය නොයෙක් දේවල් දුටු බව කිව්වත් තහවුරු කළ හැකි කිසිදෙයක් හමුවෙලා නෑ.

2018 අවුරුද්දෙ දි Gonjiam Hunted Asylum කොරියානු චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මේ තැන මුල් කරගෙන. Found Footage ඒ කියන්නෙ අතේ ගෙනයන කැමරාවක රූගත වුණ සජීවි දර්ශන පෙළක් නැවත දකින ආකාරයට මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. 

Ghost Times නමින් You tube channel එකක් පවත්වාගෙන යන තරුණ තරුණියන් කණ්ඩායමක් මහ රාත්‍රියේ ගොන්ජියාමයට ඇතුළුවෙලා සජීවි වැඩසටහනක් විදිහට විකාශනය කරන්න සූදානම් වෙනව. නවීන පන්නයේ කැමරා, හොල්මන් හඳුනාගැනීමේ සංවේදක මේ හැම එකකින්ම ඔවුන් සන්නද්ධයි. ඒත් ඔවුන්ගෙ අරමුණ කැමරාවට ඉස්සරහට මොකක් හෝ අත්භූත යමක් ගෙන්නා ගෙන තමන්ගෙ channel එක ජනප්‍රිය කරවා ගෙන මුදල් උපයා ගැනීම. ඉතිං මේක අහක යන හොල්මනක් බලෙන් ඇඟේ දමා ගැනීමක් කිව්වත් වරදක් නෑ.

ත්‍රාසජනක චිත්‍රපට නිර්මාණය කරන්න කොරියානුවන් තරම් දක්ෂයින් කොහෙවත් නැතිව ඇති. හොලිවුඩයත් පරදවන තරම් ඔවුන් ඒ අතින් ඉදිරියෙන් ඉන්නව. Gonjiam Hunted Asylum කියන්නෙත් ඒ වගේ බියජනක බව ශරීරයෙ අංශුවක් ගානෙම කාවද්දන්න සමත් වෙන සිනමාපටයක්. අතහැර දැමුව ගොඩනැගිල්ලක තැන තැන විසිරුණු පැරණි සුන්බුන් අතරේ පාලු මූසල ගතිය ඊළඟට මොකක් වෙයිද කියන කුතුහලය උපරිම තලයකට ගේනව. ඒක රෑ දොළහට කිට්ටු කරල පරිසරය පුරා මුහු වෙන පාළු අඳුරත් එක්ක විඳගන්න ඕන අත්දැකීමක්. Horror චිත්‍රපට ප්‍රිය කරන අය මේක මඟනොහැර බලන්න..



ගොන්ජියාම් අතහැරදැමූ මානසික රෝහල. 


2 comments: