Thursday, March 4, 2021

........................

පරවෙන්න පෙර මලක
ඉතිරි වී ඇති රොන් බිඳක් ගෙන දෑතට
පියාඹයි ඈත බඹර ජනපද වෙත
උදෑසන මීදුම මැදින් සුළඟ..

නොදන්නා බැවින් ලිපිනය
යා යුතු කිසියම් තැනකට
අහස ලියයි අත් අකුරෙන් ලිපියක්
හුදෙකලා වැහි වළාකුළක...

අවසාන හිරු රැස් කැරැල්ලෙන්
පිරිමැද තුරුහිසක මුදු බඳ
"ආයෙමත් එන්නම්" කියා රහසෙම 
නික්මෙයි කෙටි පියවර තබා හැන්දෑව...

"අන්න අර වංගුවෙන් හැරුණම මූද
දැන්වත් බොරුවට නාඬා ඉන්නවද"
ගංගාවකට කනට කර
මන්ද්‍ර ස්වරයෙන් කියයි ඉවුර...



No comments:

Post a Comment