Monday, March 29, 2021

හිස්තැන

මේ තරම් විසිරුණු අහසක
මේ තරම් විසල් හිස් ඉඩකඩක
කවුරු තිබ්බාද තරු තැන තැන 
අපිළිවෙලට..

එකිනෙකා නාඳුනන 
තැනිත් තැන තනි තරු තිත්  යා කර
අඳිනු හැකි හැඩ රටාවකට
නමක් දෙනවා නම් ඔබ 
ඒ "ප්‍රේමය" විය යුතු ද?

හිතක් නැතුවා වාගේ
එයින් එක තරු තිතක්
කතා නොකරම ඇදන් වැටුන ම
අහස තරමේ හිස් තැනක්
ඉතුරු වෙන්නෙ ඒකද?



No comments:

Post a Comment