නිමා වූ පසු සාදය
සොයා යමි වෙහෙසෙමි තවම
ඉතිරි වූ යම් දෙයක් ඇත්දැයි
නුඹ ගැන..
සිටියත් බොහෝ අය අවට
සුළඟේ විසිරුණ පත් සේ
තැන තැන..
කියා ගනු බැරි පාළුවකි
හාත්පස තැවරී තිබෙන...
බොහෝ දිගු සේ ය රැය...
අඳුරු ය.. ගැඹුරු ය...
නොඇසෙයි සංගීතය ද දැන්
අනවරත රැහැයි හඬ මිස..
සින්ඩරෙල්ලා නුඹ
තනි සපත්තුව රැගෙන ගිය...
පාද වැරදුණ නැටුමක
තාල අමතක ගැයුමක
සරදම් කෙළි කවට වදනක
මතකයක් පමණක්
ඉතිරි කර ගිය....
No comments:
Post a Comment