Wednesday, March 31, 2021
නුඹෙ කවි
Tuesday, March 30, 2021
Gravity (2013)
ඔහුටත් ඇයටත් පැවරී තියෙන්නෙ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු කිරීමේ රාජකාරිය. ඔහු අත්දැකීම් බහුල සුප්‍රකට ගගනගාමියෙක් වුණත් මේ ඇගෙ නම් මුල්ම අභ්‍යවකාශ ගමන. හාත්පස කෙළවරක් නොපෙනෙන අනන්ත අවකාශය. ඈත නිල් කොළ පාටින් බබලන පෘථිවිය. මේ දර්ශනය සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවිත කාලයෙදි දකින්න නොලැබෙන එකක්. මේ පසුබිමේ, ඔවුන් දෙදෙනා තමන්ට නියමිත කටයුත්තේ නියැලි ඉන්න අතරෙ ඔහු ඇයට කියනව කතාවක්. ඔහු තරුණ වයසේ ලැබූ එක් අත්දැකීමක්. නමුත් ඒ කතාව අවසාන කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඔවුන් දෙදෙනා අතරින් හමා යන්නේ අවකාශ සුන්බුන් රැගෙන වේගයෙන් හමා එන සුළඟක්. දෙදෙනාම විසිරී යනව පෘථිවි කක්ෂයේ ඈතට. ඔවුන් දෙදෙනා රැහැනකින් සම්බන්ධ කර ඇති නිසා ඔවුන් එකිනෙකාගෙන් ඈතට විසිරි යන්නෙ නෑ. සුළඟට හසුවුණු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ක්‍රමයෙන් ඔවුන් පැමිනෙනව. ඉන් සැහෙන ප්‍රමාණයක් විනාශ වී ගිහින්. සුළඟේ ගසා ගෙන යන දෙදෙනා කුමන හෝ තැනකින් අල්ලාගන්න උත්සහයක යෙදෙනව. නමුත් ඒ උත්සහය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ ඇගෙ පාදයක් පැරෂුටයකට සම්බන්ධ කර ඇති රැහැන් ගොඩක පැටලෙනව. හමා එන සුළඟට ඔහුත් ඇයත් සබැඳුණු රැහැන බිඳෙනව. ඇය එක අතකින් බිඳුනු රැහැනෙ පසෙකින් ග්‍රහණයට ගන්න සමත් වෙනව. එහි අනෙක් පස ඔහු දරා ඉන්නා ආතතිය නිසා ක්‍රමයෙන් ඇය පැටලුනු රැහැන ගිලිහන්න පටන් ගන්නව. "මාව අතහරින්න" ඔහු කියනව. "මාව අතහැරල ඔයා ජීවිතේ බේරගන්න". නමුත් ඇය අතහරින්න සූදානම් නැහැ. "අතහරින්න අවශ්‍ය මොහොතේදි අතහරින්න ඔයා ඉගෙනගන්න ඕන" ඔහු ගෙ වචනයට ඇය නම් අවනත වෙන බවක් පෙනෙන්න නැහැ. ඇයට අවශ්‍ය ඔවුන් දෙදෙනාගේ ම ජීවිත ගලවා ගන්න මිසක් අතහරින්න නොවෙයි. නමුත් ඈ තවදුරටත් රැහැන ග්‍රහණය කරගෙන සිටියොත් වෙන්නෙ ඔවුන් දෙදෙනාම වැනසී යාම. ඇය අතනොහරින බව වටහගන්න ඔහු රැහැනත් තමාත් අතර ඇති සම්බන්ධකය බිඳ දමනව. සීමාවක් නොපෙනෙන ඈත අවකාශයේ පාවී යන ඔහු අඳුරේ නොපෙනී යනව. ඔහුගෙ බරින් මිදුනු නිසා ඇයගේ ජීවිතය බේරෙනව.
Monday, March 29, 2021
හිස්තැන
Thursday, March 25, 2021
A short film about love (1988)
ගැහැනියත් පිරිමියාත් සදාකාලිකව එකිනෙකාට දුරස්ථ ගොඩනැගිලි දෙකක වාසය කරන්නන් දෙදෙනෙක්. ඔහුට ඇයවත් ඇයට ඔහුවත් දකින්න ලැබෙන්නෙ ගොඩනැගිලි දෙකේ එකිනෙකට මුහුණලා පිහිටා තිබෙන කුඩා කවුලු දෙකකින්. මේ කවුලුවෙන් මැවෙන ඇයගේ පිළිබිඹුව හරහා ඇය ගැන ඔහු දක්වන ආසක්තතාව ඔහුගෙ "ආශා" කලාපය වෙන අතරෙ ඒ ආශාව ඔහු අතේ තියන දුරදක්නයකට සම කල හැකියි. එතකොට ඔහුගෙ මේ නිරන්තර නිරීක්ෂණයට ලක්වෙන ඇයයි ඔහුගේ ආශාවේ වස්තුව බවට පත්වෙන්නෙ. දුරදක්නය හරහා ඔහුගේ දෑස් මත මැවෙන ඇය ඔහුගේ හඹායාම වෙනව. මේ දුරේක්ෂයෙන් ඔහුගේ දැක්මට අසුවන ඇය වටා ඔහුගේ සිහිනමය ෆැන්ටසික අඩවිය ගොඩනැගෙනව. නමුත් එක මොහොතක් තිබෙනව එකිනෙකට දුරස්ථව පිහිටි ඔහුගේ ලෝකයත් ඇයගේ ලෝකයත් ඒ දුර අතික්‍රමණය කරල වඩා සමීපව එකිනෙනාට සම්මුඛ වෙන. එනම් ඔහුත් ඇයත් අර දුර කවුලුවෙන් දකින ඡායාමය ස්වභාවයෙන් මිදිල තමන් ගේ ස්වරූපයෙන් එකිනෙකාට නිරාවරණය වෙන. අන්න ඒ මොහොතේදි ඔහුට හමුවෙන්නෙ අර ආශාවේ දුරේක්ෂයෙන් නැරඹූ ඇය නොවෙයි. ඊට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ස්වරූපයක්. මෙන්න මේ සත්‍ය ඔහුට දරාගන්න බැරි වෙන තැන අර මෙතෙක් ඇය ගැන දුටු ෆැන්ටසික සිහින එකින් එක බිඳ වැටෙන්න පටන් ගන්නව.
Wednesday, March 24, 2021
Tuesday, March 23, 2021
The little things (2021)
සමහර වෙලාවට අපි අතින් දැනුවත්ව හෝ නොදැනුවත්වම සිදුවෙන කුඩා කුඩා දේවල් වලින් අපිටත්, අපි අවට සිටින අයටත් කරන්න පුලුවන් බලපෑම සෑහෙන විශාලයි. කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නත් නැත්නම් කැඩී බිඳුණු ජීවිතයක් සුවපත් කරන්නත් මේ සමහර කුඩා දේවල් වලට තියන හැකියාව විස්මයජනකයි. මම හිතනව Little things චිත්‍රපටය පදනම් වෙන්නෙ මේ කාරණාව මත කියල. අබිරහස් මිනීමැරුම් ගණනාවක් සහ ඒවා සිදුකරන යම් නාඳුනන අපරාධකරුවෙක් සොයා යෑම වටා කතාව ගොඩ නැගුනත්, ඒ අබිරහස විසඳිමට වඩා චිත්‍රපටය ඇතුලෙ මතුකරන්නෙ ඒ පසුපස ලුහුබඳින රහස් පරික්ෂකවරු දෙපලකගේ ජීවිත අභ්‍යන්තරයන්. චිත්‍රපටයට ලැබෙන බොහොමයක් ඍණාත්මක ප්‍රතිචාරවලට හේතුවෙන්නෙ අබිරහස විසඳීමට වඩා වෙනත් මානයකට කතාවෙ අවසානය රැගෙන යාම නිසා බවයි මම හිතන්නෙ.
Friday, March 19, 2021
Wednesday, March 17, 2021
සින්ඩරෙල්ලා..
Tuesday, March 16, 2021
Creep (2014 - Psychological Horror)
Aron වෘත්තිමය වශයෙන් වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් අන්තර්ජාල මාර්ගයෙන් හඳුනාගන්න එක්තරා පුද්ගලයෙකුගෙන් Aron ට අපූරු කාර්‍යයක් පැවරෙනව. ඔහුට කරන්න තිබෙන්නෙ දිනපතා මේ පුද්ගලයා කරන කියන දේවල් ඔහු සමග සිටිමින් රූගත කිරීම පමණයි. ඒ වෙනුවෙන් ලැබෙන මුදලත් Aron බලාපොරොත්තු නොවුන විදිහේ විශාල එකක්. ඒ නිසා ඔහු දෙවරක් නොසිතා මේ රාජකාරිය බාරගන්නව.
Monday, March 15, 2021
Thursday, March 11, 2021
Tuesday, March 9, 2021
The dig (2021)
2021ට අදාළව නරඹන පළමු සිනමා නිර්මාණය වෙන්න ඕන. 2021 අවුරුද්දේ දැනට චිත්‍රපට කීපයක්ම එළියට ඇවිත් තිබුණත් මේකම තෝරාගන්න හේතුවක් වුණා Ralph Fiennes සහ Carey Mulligan ප්‍රධාන චරිත නිරූපණය කර තිබීම. ඒ වගේම Periodic drama වලට ටිකක් වැඩිපුර කැමත්තක් තිබීම මේක ඉක්මනින්ම නරඹන්න තව හේතුවක් වුණ බව කියන්න පුලුවන්. කතාව පදනම් වෙන්නෙ 2007 අවුරුද්දේ මේ නමින්ම එළිදැක්වුණු නවකතාවක් මත (written by John Preston) මේ නවකතාව ලියවෙන්නෙ එංගලන්තයේ සිදුවුණු සැබෑම සිදුවීමක් මුල් කරගෙන.
Friday, March 5, 2021
Black bear (2020)
Thursday, March 4, 2021
........................
Tuesday, March 2, 2021
Ma Rainey's black bottom (2020)
සමහර නික්මයෑම් තියනව ඒව සිද්දවෙන්නෙ අපි කිසිසේත්ම අපේක්ෂා නොකරන මොහොතවල. සමහරු තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ ජීවිතය ඇතුලේ සමාජයට, ලෝකයට ලබාදිය හැකි උපරිමය ලබා දී ඇති බව අපි වටහාගන්නෙ ඔවුන් මේ විදිහට නික්ම ගියාට පසුවයි. කලා ලෝකයෙ මේ වෙනුවෙන් අපිට උදාහරණ ගණනාවක්ම සොයාගන්න පුලුවන්. 2008 අවුරුද්දේ Heath Ledger ගේ මරණය මේ වෙනුවෙන්, බොහෝ දෙනා හඳුනන සිදුවීමක් විදිහට අරගන්න පුලුවන්. ඔහුගේ මරණින් පසුව තිරගත වුණු වගේම ඔහු අවසාන වරට රංගනයේ යෙදුණු Dark Knight චිත්‍රපටයෙ Joker ගේ චරිතය සිනමා ඉතිහාසයෙ නොමැකෙන සළකුණක් තැබීමට සමත්වුණු එකක් බව අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. Joker චරිතය Heath Ledger ගේ රංගන ජීවිතයේ උපරිමය සනිටුහන් කලා. නමුත් ඒ සමගම ඔහුගේ ජීවිතයත් අවසන් වුණා.
Forgotten (2017)
හතර වටින්ම කිසිම දෙයක් නොපෙනෙන විදිහට පැතිරුණු මහ අඳුරක්. ඒ අඳුරේ සෙමින් සෙමින් මතුවෙන පියවර හඬක්. යම් නුහුරු නුපුරුදු කටහඬකින් කෙරෙන අණකිරීමක්. එක්වරම සිදුවෙන විශාල පහරදීමක්.