Monday, May 21, 2018

ඉඩෝරය අවසන


ඉනික්බිති
දිගු ඉඩෝර සමය නිම කර
සිහිල් වැහි පොදක් සේ
ඔබ පැමිණ
යලිත් මා වසා ගනු ලැබිණ....

සියොළඟම පිරිමදින
ඔබෙ සියුමැලි ඇඟිලි තුඩ වැදී 
හදවතේ එක් වෙණ තතක්
ඉසියුම්ව හඬනැගිණ....

මා සිතේ
මියයමින් තිබු 
යම් දෙයකට
ඉන් යලිත් පණ ලැබින...

සියලු සංතාප වේදනා
ඔබෙ සුසුමක් සමග පැටලී
ඈතකට බොහෝ ඈතකට
ගෙන යනු ලැබිණ.






2 comments:

  1. වැස්සත් වැඩයි අනේ දැන්.

    ReplyDelete
    Replies
    1. වැස්ස වැඩි වුණාම ගංවතුර දානව නේ

      Delete