පයට පෑගුණත් 
මල් දරන
තණකොළ ද
හිතු හිතූ අතට
නිදහසේ දළු දමන
නොයෙක පඳුරු ද
තියුණු විසිකැති තුඩින් 
මෙල්ල කර
ආවෙමි 
අද ද.....
භූගතව ඉතිරි වුණ 
තණකොළ මුලක් දෙකක්
හුස්මගන්නා
හඬ ද..
මහ උන් 
ඉතුරු කර ගිය බිජුවට 
උනුන් හා හිනාවෙන  හඬ ද
සිහිනෙනුන් අසමි
නිතර..

 
හැමෝටම එහෙම ඇහෙන්නේ නෑ රන්දික.ඒ හඩ අහන්න පුළුවන් හිතකුත් තියෙන්න ඕනි.
ReplyDeleteමේක තමන්ගෙම හිත ඇතුලෙන් ඇහනෙ හඩක් වෙන්න බැරිද....මොකද ඔහු නිතරම බයෙන් පසුවෙන්නෙ මොනව වේවිද කියල...
Delete