Wednesday, May 23, 2018

පියාඹන මාලුවෝ


හීන වලට අත්තටු
කොහෙන් ලැබුනද සබඳ...

මේ දිය කඳට ඉහලින්
නිල් අහස
සවන මත මඳ සුළඟ
මුමුණන රහස
පෙර නොදුටු හැඩ මවන
වලාකුළු දහස
කොයිතරම් අපූරු ද 
මේ පහස...

කවුරුන් මැව්වාද මේ අරුම...

අතහැර
ඒකාකාර ලුණු රස 
නොහැකි ඇයි මෙහි
වෙසෙන්නට 
සිතු ලෙස...

එවන් විසිතුරු හීන
මතුවී මැවී
රූ  සටහන් මෙන්
ඇඳෙන කල සිතතුල

"ජබොස්".. 

ආයෙමත් 
මුහුද..

2017/05/23




6 comments:

  1. පියාබන මාළුවෝ පියාමස්සෝ නේද?? අර ලොකු වරල් තියෙන්නේ. අපේ අම්මා කිවුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උන්ට තමා...පියාමැස්සෝ!!

      Delete
  2. අලුත් අදහස්...
    අගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී!

      Delete