Tuesday, August 15, 2017

ඉඳහිටමත් නොවෙයි
බොහොමයක් දිනවල
තිත්ත කලුවර වටවුණ
රෑ දෙගොඩහරි යාමෙට
සිහිනෙන් වගෙ 
ඇසෙයි
කවුරුන්ද
දොරට තට්ටු කරන හඬ..

නොසිහියෙන්ම
නැගිට
දිව ගොස්
ඇර බලමි 
දොර...

රැවටෙමි
කවුරුවත් 
නැතිබව දැක..





4 comments:

  1. තට්ටු කෙරුවද
    තිත්ත අඳුරේ
    ඉදිරියට ඒමට නොහැකිව දුකින්
    නැවත හැරිලා යන්න යමි මම
    නුඹ ඇවිත් දොර හරිනට කලින්.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අපූරුයි පිළිතුර ... ජය වේවා!!!

    ReplyDelete
  3. මම තට්ටු කරමි
    නැවතද තට්ටු කරමි
    ඔබ ඇවිත් අරින්නේ වෙනත් දොරකි
    මම හෙටත් තට්ටු කරමි...

    කට්ටකාඩුව

    ReplyDelete
  4. ඔබ
    දොරට එපිටිනි
    මම
    මග බලමිනි
    තවම...!

    ReplyDelete