ෆර්මිනා...
කලුවර කියන්නේ
කවිබර හිතකට
අතවර වැඩියෙන්ම වෙන
වෙලාවයි..
පුංචිම පුංචි
කදෝපැණි එලියකත්
දැල්වෙන්නෙ තනිකමේ
කලාවයි...
මේ අවට
කොයියම්ම තැනක හරි
ඔබ හුස්මගන්නව දැනෙන එක
ඇත්තටම ජීවිතේ
මුලාවයි
මේ ලියන පත්ඉරුව
කීතු කීතු වලට ඉරා ගුලි කර
කොහෙට හෝ
විසිකර දමන්නට
හිතෙන්නෙත් අන්න එතකොටයි...
-මීට ෆ්ලොරෙන්තිනෝ...
නියමයි
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඅම්බ්‍රෙල්ලා පවුඩර් හත්වලාමේ....... මාව නැතිකොලා උදේ පාන්දර අර ෆර්මිනා මතක්කොරලා.... හය්යු...
ReplyDeleteරෝග ලක්ෂණ අනුව ඔබටත් කොළරාව වැළදී ඇති බව අනුමාන කල හැක....සුබ පැතුම්!!!
Deleteමේ කවියෙ
ReplyDeleteලස්සන දැනෙන්නේ
කියවගෙන යන වේගෙටයි...
කවි පිලිතුරක්
වත් නොලියන්න
නොලැබෙන්නෙ ඒ හින්දමයි....
ලස්සනයි.
ජයවේවා!!!
බොහොම ස්තූතියි
ReplyDeleteජයවේවා!!!!
නියමයි වියමන
ReplyDeleteමේ අවට
කොයියම්ම තැනක හරි
ඔබ හුස්මගන්නව දැනෙන එක
ඇත්තටම ජීවිතේ
මුලාවයි
කැමතිම තැන
ස්තුතියි :) :)
Deleteආසම කවියක්...!
ReplyDeleteබොහොම ස්තූතියි ! :) :)
Delete"විසිකර දැමීමම යෙහෙකැයි .."
ReplyDelete-හුවෙනාල් උර්බිනෝ-
විශිෂ්ටයි !
ස්තූතියි!!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සනයි. අර උඩ කවි තුනේ රිද්මය අවසන් කවියටත් ආවනම් හොඳයි කියලත් හිතුණා...
ReplyDeleteස්තූතියි අක්කෙ....එකම රිද්මයම තිබුණොත් ඒකාකාරී ගතියක් දැනෙන නිසාත් ඒ පද එහෙමම යොදන්න ඕන වුණ නිසාත් තමා එහෙම දැම්මෙ.....
Delete