දුර ඈත අහස් කුස
සිසාරා පියඹන්න
පිහාටු දන් දී
තටු අහිමි කුරුල්ලන්ට
වැහිලිහිණියෙක්
මිය ඇදෙනු දුටුවෙමි
විසල් නා ගසක පාමුල..
මකරන්ද උරාගෙන
තුටින් සැනසුන පෙරදින
සමනලයෙක් විය
මහ වැස්සෙම
මලක් ලග තනිරකින....
වියලි කර්කශ පොලව වෙත
වඩවා උන් දයා මෙත
වලාකුළක් ගිලිහෙනු දුටුවෙමි
අහස අතහැර
කෙත් වතුමත
තවරා වැහි දියක තෙත. .
No comments:
Post a Comment