Friday, August 4, 2017

අන්තිම මොහොතේදී අසල්වැසි ඉඩමේ මල් වවන්නාට ලියා දන්වන වග නම්.. 

ඔබේ ඉඩමද මගේ ඉඩමද
වෙන්කරන වැට සීමාවෙන්
ඔබේ පැත්තේ
සරුවට වැඩී සුවඳ මල් පුබුදුවන
රතු රෝස පඳුරේ
මූල මණ්ඩලය
මගේ ඉඩමේ සිට නික්මෙන බව
සොයාගතිමි..
එහෙත් නොකීවෙමි...

මගේ ඉඩමේ පොහොර පස
මල් සුවඳ සේ විඳින ඔබ
නොදැන උන්නාට
මල් එය නොදැන නොසිටි බවට
හේතුවක් නම් නැත.

එබැවින් මල් වවන්නාණෙනි
අවසන් මොහොතේ
නික්ම යනු පෙර මගේ ඉඩමද
ඔබේ නමට ලියා යනු කැමැත්තෙමි..
තව තවත් පොහොර පස විඳ
මල් සුවඳ වනු පිණිසය..
තව තවත් ඔබෙන් සැලකුම් ලැබ
මල් සුවඳ වනු පිණිසය.. 










1 comment: