"ජින් බෝතල් තුනෙන්
දෙකහමාරක්
හැලුවෙමි නුවර වැවට
....................
වැව නුඹ වෙරිවිය යුතුය"
- රුවන් බන්දුජීව-
පොරි අහුරක මතක සිහිකර
වෙරි වෙන්න බැරිද වැවකට
කතා ඇත හුලගටත් නොකිව්ව
ගිලී මිය ගිය ලිලී මල් ගැන
කලල වයසෙම හුස්ම හිරවුණ
ධවල වර්ණැති කුමුදු පෙති ගැන...
රහස් ප්රේමයක් තිබේ දිය කඳ යට
අහම්බෙන් මුණගැසුණ නෙළුමකට
ඇවිත් රොන් ගෙන යද්දි බිඟු කැල
සුසුම් දිය කැලඹුනා හිත යට..
සිහිල් දිය රැදි නෙළුම් කොල උඩ
ලිහිල් අඩි තිය තියා ඇවිදින
ඉගිල්ලෙන්නම වෙරදරති
සහෝදර කොරවකුන් පිරිවර
නොම දනී උන්
බිඳෙන් බිඳ හද බිඳෙන රැලි උඩ
ලැගුම් ගෙන ඇති ලසෝ ගින්දර..
අකාලෙට වට අසනි වැස්සක
කඩාගෙන යන වාන් දොරකඩ
පිටාරව යයි උණු කඳුළු කැට
සදාතනික වු වේදනාවක..
සෙනේබර වැව් දියක ගැඹුරක
හැඟුම් පතුලක පිරිමදින්නට
කොහේදෝ දෑතකින් ගිලිහුණි
විඩාබර හිත සිඹින මීවිත..
නැගෙන සුසුමන් රැලි ලිහාගෙන
මුනිවතක දැහැනින් මුදාගෙන
පෙමක නටබුන් මතුවුණා දෙන්
වෙරි හිඳී යන වැවක පතුලක...
මට බෑ හලෝ මේ කෙරුවාව... මාව ඌය්යා උනා මේ කවියට
ReplyDeleteරුවන් බන්දුජීව හම්බුනොත් කියනවා එහෙනම් - උගේ කවිය නම් 'පට්ටම' බව!
උගේ කවිය නම් පට්ට....!!!
ReplyDeleteනිසැකවම!